මියන්මාරයේ හදිසි තත්වය මාස 6කින් දීර්ඝ කෙරේ
Related Articles
මියන්මාර හමුදා පාලනය ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය තවත් මාස 6ක කාලයකින් දීර්ඝ කර තිබෙනවා.
කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලන බලය එරට හමුදාව අත්පත් කර ගෙන ඊයේ දිනයට වසර 2ක් සපිරුණා.
ජනතාවට ලබාදීමට පොරොන්දු වී ඇති මැතිවරණය තවත් කල් දමමින් හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමටයි හමුදා පාලනය පියවරගෙන ඇත්තේ.
මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හමුදා පාලනය මෙතෙක් නිවේදනයක් කර නැහැ.
කෙසේ වුවද හදිසි තත්ත්වය ප්‍රකාශය පත්කර තිබියදි මැතිවරණයක් පැවැත්විය නොහැකියි. මේ අතර හමුදා පාලනයට විරෝධය දක්වමින් ඊයේ දිනයේ දී ද එරට ජනතාව නිහඩ විරෝධතා පැවැත්වුවා.