fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2ට 1ක් ලෙස තරඟාවලියේ ජය දකුණු අප්‍රිකාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 14:41

2ට 1ක් ලෙස තරඟාවලියේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකාව හා එංගන්තය අතර පැවති තුන්වන එක්දින තරගය ලකුණු 59 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.‍

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුළු 03 ලකුනු 14 ක් තුළ දැවී ගියා.

ඉන් පසු ඩේවිඩ් මලාන් සමග එකතු වූ ජොස් බට්ලර් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුනු 232 ක සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා.

ඩේවිඩ් මලාන් හයේ පහර හයක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 118 ක් රැස් කළා. ජොස් බට්ලර් ලකුණු 131 ක් රැස් කළේ හයේ පහර 07 ක් සහ හතරේ පහර 7 ක් සමගින්.

එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 346 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 43 යි පන්දු එකකදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 287 ක් පමණයි.

හෙන්රිච් ක්ලාසන් ලකුණු 80යි.

කෙසේ වුවත් තරගාවලියේ පළමු තරග දෙක දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ බැවින් තරගාවලියේ ජය දෙකට එකක් ලෙස හිමි වූයේ දකුණු අප්‍රිකාවටයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 14:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්