fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්නපුර රතනපාල ධර්මායතනයෙන් භික්ෂූන් වහන්සේ සඳහා භාෂා අධ්‍යයන පාඨමාලා රැසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 10:38

රත්නපුර රතනපාල ධර්මායතනයෙන් භික්ෂූන් වහන්සේ සඳහා භාෂා අධ්‍යයන පාඨමාලා රැසක්

රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්තානයේ ශ්‍රී රතනපාල ධර්මායතනය මගින් භික්ෂුන් වහන්සේ සදහා භාෂා අධ්‍යයන පාඨමාලා රැසක් ආරම්භ කර තිබෙනවා.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි එම කටයුතු සිදු කෙරෙන්නේ.‍

ශ්‍රී රතනපාල ධර්මායතනයේ භික්ෂුන් වහන්සේ වෙත පොත් පත්, ඉගෙනුම් උපකරණ මුල්‍ය සහ ඇගයීම් සහතික ප්‍රධානය කෙරුණා.

බුදුදහම දෙස් විදෙස් ප්‍රචාරය සදහා විවිධ භාෂාමය දැනුම භික්ෂුන් වහන්සේට අත්‍යවශ්‍ය වනවා.

ඒ අනුවයි සිංහල, දෙමළ, ඉංග්‍රිසි මෙන්ම පාලි සංස්කෘතික භාෂා අධ්‍යයන පහසුකම් සලසා තිබෙන්නේ.

දියවඩන නිළමේ නිලංග දෑළ, සබරගමුව සමන්දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2023 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්