fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේවකයින් 15කට වැඩි නම් ETF දායක මුදල් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීම අනිවාර්යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2023 11:17

සේවකයින් 15කට වැඩි නම් ETF දායක මුදල් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීම අනිවාර්යයි

සේවකයින් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සෑම ආයතනයක්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ දායක මුදල් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම අනිවාර්ය කර තිබෙනවා.

විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කළ පසු සේවක විස්තර ඇතුලත් කරන ලද ආකෘති දෙක වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය පවසන්නේ.

ප්‍රධාන බැංකු හරහා විද්‍යුත් බැංකුකරණ හරහා මෙම ගෙවීම් සිදු කළ හැකියි.

ඩිරෙක්ට් ඩෙබිට් ක්‍රමවේදය ඔස්සේ සෑම වානිජ බැංකුවක් හරහාම ගෙවීම් සිදු කිරීමේ පහසුකම් ද සළසා තිබෙනවා.

මණ්ඩලයේ දායක මුදල් රැස් කිරීමේ අංශය සමග සම්බන්ධ වීමෙන් ගෙවීම් පහසුකම් සළසා ගත හැකියි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2023 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්