fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙෂාවෝ මුස්ලිම් පල්ලියට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2023 09:35

පෙෂාවෝ මුස්ලිම් පල්ලියට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

පාකිස්තානයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති පෙෂාවෝ මුස්ලිම් පල්ලියේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව සියයකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය වසර කිහිපයක කාලය තුළ එල්ල වූ විශාලතම මරාගෙන මැරෙන ප්‍රහාරය මෙය වනවා. විශාල බැතිමතුන් පිරිසක් මුස්ලිම් පල්ලිය තුළ රැදී සිටින අවස්ථාවකයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

මිය ගිය පිරිස අතරින් 33 දෙනෙකුම පොලිස් නිලධාරීන්. සිද්ධියෙන් පුද්ගලයන් 157 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම අවස්ථාවේ පල්ලිය පිහිටි ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 300ත් 400ත් අතර පිරිසක් රැදී සිට  ඇති අතර සිද්ධියෙන් පල්ලියේ ගොඩනැගිල්ලට ද හානි සිදුවුණා.

බොම්බ ප්‍රහාරකයා පල්ලියේ ඉදිරිපසින්ම අසුන් ගෙන සිට ඇති බවට පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.

පසුගිය මාසයේ දී පාකිස්තානයේ ක්‍රියාත්මක පාකිස්තාන තලේබාන් සංවිධානය සාමසාකච්ඡා වලින් ඉවත්වීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන බෝම්බ ප්‍රහාර ඉහළ දමා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2023 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්