පීඩන අවපාතය අද ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට
Related Articles
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක්පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි. එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැක.
උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තුවිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි. එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයින වටා වන මුහුදුප්‍රදේශවලධීවරසහනාවිකකටයුතුවලනොයෙදනලෙසදැනුම්දෙනුලැබේ.
ගිනිකොනදිග සහ නිරිතදිගබෙංගාලබොක්කමුහුදුප්‍රදේශ සදහා :
උතුරු අක්ෂාංශ 05 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 78 සහ 88 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-50)පමණ වන අතර විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැක. ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැක. එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට පෙබරවාරි මස 02දින දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය : දිවයිනවටා වන මුහුදු ප්‍රදේශ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ : සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහාපුත්තලම දක්වාවන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය : පොතුවිල් සිට මඩකළපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වාවන මුහුදු ප්‍රදේශයේ මුහුදුරළ උස මීටර්(2.5–3.0) ක්පමණ ඉහළයාමේ හැකියාවක්ද පවතී. එබැවින් එම මුහුදු ප්‍රදේශය රළු වන අතර විටින් විට ඉතා රළු වේ. දිවයිනවටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-02-01 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 27 | 23 | 95 | 70 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මඩකලපුව | 27 | 23 | 95 | 75 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 29 | 24 | 90 | 65 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 27 | 23 | 90 | 75 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 26 | 24 | 95 | 75 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මහනුවර | 26 | 21 | 95 | 60 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
නුවරඑළිය | 16 | 12 | 95 | 80 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 27 | 22 | 95 | 65 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 27 | 24 | 95 | 80 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 26 | 24 | 95 | 80 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |