මහාචාර්ය විෂ්ණු චිට්ටන් බලාජි දිවයිනට
Related Articles
ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ පෙරදිග සංගීතය පිළිබද මහාචාර්ය විශ්ණු චිට්ටන් බලාජි මහතා සතියක ශාස්ත්‍රීය සංගීත චාරිකාවකට එක්වීම සදහා දිවයිනට පැමිණියා.
මහාචාර්ය විශ්ණු චිට්ටන් බලාජි මහතා මෙසේ දිවයිනට පැමිණියේ විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ ආරාධනයකට අනුවයි. බලාජි මහතා හෙට දිනයේදී සුජාතා අත්තනායක මහත්මියගේ නිවසේ දී ශාස්ත්‍රීය ගායන සහ වාදන වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම පිටකෝට්ටේ රවිබන්දු විද්‍යාපති ඇකඩමියේදී අනිද්දා උදෑසන සහ සවස් කාලයේදී මෙරට සංගීත විෂය උගන්වන ගුරුවරුන් හා උසස්පෙළ හා සාමාන්‍ය පෙළ සංගීතය හදාරණ සිසුන් වෙනුවෙන් ශාස්ත්‍රීය ගානය හා වාදන වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි. ඉන්දිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී ද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.