බ්‍රසීල හිටපු ජනපති බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයැදුම්කරයි
Related Articles
බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයැදුම්කර තිබෙනවා.
බ්‍රසීලයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී විරෝධතා සමග ඔහු සතුව ඇති ඕනෑම ඇමෙරිකා වීසා බලපත්‍රයක් අවලංගු කරන්නැයි එරට රජය ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් ඔහු ඇමෙරිකාවේ රැදී සිටීම සදහා තවත් මාස 6 ක වීසා බලපත්‍රයක් සදහා අයැදුම්කර ඇති බව බොල්සනාරෝගේ නීතිඥවරයා සදහන් කළා. මේ වනවිටත් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ රැදී සිටින්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයේයි. ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීමට පෙර ඔහුට විවේකයක් අවශ්‍ය බව බොල්සනාරෝගේ නීතිඥවරයා වන පෙලිෆ් ඇලෙක්සැන්ඩ්‍රේ පවසනවා.