බොරැල්ල ප්රදේශයේ පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවෙකු සහ ඊට ආධාර අනුබල දුන් ග්රාමනිලධාරීන් දෙදෙනා ලබන මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්රාත් රජින්දා ජයසුරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් තැරැව්කරුවෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.