IMF සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ඇමෙරිකා රජයේ සහාය තවදුරටත්
Related Articles
ජාත්‍යන්තර ණය හිමියන්ගේ සුබවාදී තීරණ හමුවේ ශ්‍රී ලංකාව වඩාත් තිරසර ආර්ථිකයක් ඉතා ඉක්මනින් ලගා කරගනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා. ඊට අවශ්‍ය සෑම සහයෝගයක්ම ඇමෙරිකා රජය ලබා දෙන බවයි තානාපතිවරිය ප්‍රකාශ කරන්නේ.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි ඇමෙරිකා තානාපතිනිය මේ බව ප්‍රකාශ කළේ. මුල්‍ය ස්ථාවරය සදහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා එහි බලපෑම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ඇමෙරිකා රජයේ සහාය තවදුරටත් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදි පැවසුවා. ශ්‍රී ලංකාව රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම අගය කරන බව ද ජූලි චන්ග් සදහන් කළා.