fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට අද වැසි

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 09:08

ප්‍රදේශ රැසකට අද වැසි

ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිණිකොණ දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 85.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ජනවාරි 31 සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී 2023 පෙබරවාරි 01 පෙරවරුවේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි. වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර, ඌව, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2023 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්