සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
Related Articles
සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට උපදෙස් ලබා දුන්නා. සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතන එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් එහි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැලපෙන ක්‍රියාකාරකම් මගින් ආදායම් ඉපැයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නා. ඒ සදහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කල හැකි බව ද ජනාධිපතිවරයා සදහන් කළා. මෙම ආයතනයේ දැනට සිටිනා සාමාජිකයන් සංඛ්‍යාව 300 ක් වන අතර එය තවදුරටත් පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසාදීමෙන් නව අදහස් ලබාගත හැකි බව ද මෙහිදී අවධාරණය කෙරුණා.