ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
Related Articles
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා සදහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඒ වගන්තියේ උපලේඛණයේ දක්වා ඇති කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම සදහායි මෙලෙස අයදුම්පත් කැවෙන්නේ. පෙබරවාරි මස පළමු දින ඊට අදාළ පුවත්පත් දැන්වීම පළකිරීමට නියමිතයි. පෙබරවාරි මස 15 දින දක්වා අයදුම්පත් යොමු කළ හැකියි. අයදුම් පත්‍ර ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණා.