කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමේ තීරණයක් ගෙන නැහැ – අගමැති
Related Articles
කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමේ තීරණයක් ගෙන නැති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
රටේ වත්මන් ආර්ථික හා සමාජීය තත්ත්වය පිළිබද සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් අතරයි. මෙම අසීරු අවස්ථාවේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා සේවා තත්ත්වය ආරක්ෂා කළ හැකි ඵලදායි ක්‍රමවේදයකට රට පරිවර්ථනය කිරීම සදහා සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් මෙහිදී ඉල්ලා සිටියා. ආර්ථිකයේ යම් වර්ධනයක් සිදු වන්නේ නම් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා තවදුරටත් මෙහිදී කියා සිටියේ.