fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කිරීමට උපදෙස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 15:11

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කිරීමට උපදෙස්

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හා කොළඹ මහ නගර සභාව එක්ව එම ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙනවා. ව්‍යාපෘතිය යටතේ පොම්පාගාර 3ක වැඩ අවසන්කර තිබෙනවා. නව මුතුවැල්ල උමග හා ටොරින්ටන් උමග වැසි ජලාපවහන උමං මාර්ග ද මේ වනවිට ඉදිකර අවසන් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ. මාර්ග සහ ඇළ හැරවුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම,  තෙත් බිම් උද්‍යාන හා රේඛීය උද්‍යාන සංවර්ධන ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. ඒවායෙහි ඉතිරි කටයුතු නිමකිරීම සදහා මේ වසරේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 457 ක්. කොළඹ ජල ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශවල ගංවතුර අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්