fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක බොරතෙල් මිල පහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 13:41

ලෝක බොරතෙල් මිල පහළට

ලෝක බොරතෙල් මිල පහත වැටී තිබෙනවා.

ගෝලීය බොරතෙල් නිෂ්පාදකයින් මෙම සතියේ දී රැස්වීමට නියමිත අතර එහිදී තෙල් සැපයුම අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගැනීමට ඉඩ ඇති බැවින් අද දිනයේ ලෝක බොරතෙල් මිල පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් සත විස්සකින් පහළ ගියා. එමෙන්ම ඩබ්ලිව් ටි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සත 11 කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තෙල් නිෂ්පාදනය කරන රටවල් අයත්වන ඔපෙක් සංවිධානය ලබන පළමුවනදා මුණගැසීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්