fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ 2023 වසරේ ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 11:46

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ 2023 වසරේ ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වයි

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ 2023 වසරේ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වුණා.

රසායනික විද්‍යා ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම බත්තරමුල්ලේදී සිදුවුණේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අන්තර්ජාතික මූලික විද්‍යා වර්ෂය සැමරීම සදහා රසායන විද්‍යා වෘත්තීය පුහුණුව සදහා ලේකම් කාර්යාලයක් විවෘත කිරීම වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අධ්‍යාපනික, කාර්මික හා වෙළෙද ප්‍රදර්ශනය රසායන විද්‍යාව පිළිබද පශ්චාත් උපාධි යෝජිත පාඨමාලාව හදුන්වා දීම හා රසායනාගාර හා රසායනඥයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීම ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහලේකම් මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය මෙම ක්‍රියාකාරී සැලැස්ම ඇගයීමට  ලක්කළා. ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සභාපති එන් එම් එස් හෙට්ටිගෙදර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2023 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්