fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් ගැන පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 12:45

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් ගැන පරීක්ෂණ

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන සිදුකළ දුරකතන ඇමතුම් පැමිණ ඇත්තේ එකම අංකයකින් බවට තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම දුරකතන ඇමතුම් පිළිබඳ කොමිසමේ සාමාජිකයින් කළ පැමිණිවලට අනුව පරීක්ෂණ සිදුකෙරෙන බවයි පොලීසිය පවසන්නේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වන එස් බී දිවාරත්න සහ කේ පී පී පතිරණ යන මහත්වරුන්ට දුරකතන ඇමතුම් ඔස්සේ මරණ තර්ජන එල්ලකළ බවට ඔවුන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් පරීක්ෂණ සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. එමෙන්ම කොමිසමේ එම සාමාජිකයින්ට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව ද වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවෙන් එහි සාමාජිකා පී එස් එම් චාල්ස් මහත්මිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා භාරදුන්නා. මේ වන තෙක් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාරගෙන නැති බවටයි සඳහන් වුණේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2023 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්