කොළඹ අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක්
Related Articles
75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු අද දිනයේත් පැවැත්වෙනවා. මේ හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
අද හෙට සහ ලබන මස 01 වනදා සිට තුන්වනදා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි. උදෑසන 05 සිට දහවල් 12 දක්වා මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි පොලීසිය පවසන්නේ.ඇතැම් මාර්ග වසා දැමෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම් දෙනවා.ඒ අනුව ගාලු මුවදොර මැදපාර,ගාලුමුවදොර වටරවුමේ සිට එන්එස්ඒ වටරවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොල පාර වෙත ඇතුළුවීමට සීමා පනවා තිබෙනවා. ඒ ඇතුළු තවත් මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනයට සීමා පනවා ඇති බවයි පොලීසිය නිවේදනය කරන්නේ. එම මාර්ග භාවිත කරන පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් පරිදි ගමන් කිරීම සඳහා අවස්ථාව සළසා දී තිබෙනවා. නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර පවත්වනු ලබන පෙරහුරු කටයුතු පිළිබද සොයා බැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ද අද එක්ව සිටියා.