ඇමෙරිකානු කළු ජාතික තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකය විසිරුවා හැරේ
Related Articles
ඇමෙරිකානු කළු ජාතික තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකය විසිරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.
ටයර් නිකොලොස් තරුණයා ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම ද සිදුකෙරුණා. ඔවුන් සම්බන්ධ මෙම්පීස් පොලිස් දෙපාර්තමේන්තුවේ ස්කෝපියන් පොලිස් ඒකකය විසිරුවා හැරීමටයි කටයුතු කෙරුණේ. මෙම ඒකකය පනස් දෙනෙකුගෙන් සමන්විත ඒකකයක් වන අතර විශේෂයෙන්ම වීදි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කළ ඒකකයක් වනවා. තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ආරක්ෂක කැමරා දර්ශන මාධ්‍යයට නිකුත් වුණා.