ඊශ්රාලයේ සිදුවූ වෙඩි ප්රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුළ ඊයේ දිනය තුළ සිදුවූ වෙඩි ප්රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වෙඩි ප්රහාරයට ලක්වුණේ යුදෙව් ආගමික කටයුතු කරමින් සිටි පිරිසක්. ප්රහාරය සම්බන්ධයෙන් වේගවත් ප්රතිචාර දක්වන බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු ප්රකාශ කර තිබෙනවා. ඊයේ සිදුවීමේදී පොලිසිය තැබූ වෙඩි ප්රහාරයකින් වෙඩික්කරුද මිය ගියා.