මහ කන්නයේ කාබනික පොහොර මිලදී ගැනීමට රජය රුපියල් මිලියන දහසය දහසක් වෙනුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
රට තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද කාබනික පොහොර මිලදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයට තමන් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ සහයෝගය පළකළ බවයි මහින්ද අමරවීර මහතා පවසන්නේ. ඒ අනුව 2022 – 2023 මහ කන්නයේ කාබනික පොහොර මිලදී ගැනීම සදහා රුපියල් මිලියන දහසය දහසක් වෙන්කර තිබෙනවා. ගොවි ජනතාවට සෑම සහනයක්ම ලබාදෙමින් මහ කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීම සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි සිදුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති දිස්ත්‍රික් කමිටු හරහා එම කටයුතු සිදුකෙරෙන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා. වී වගාකෙරෙන හෙක්ටයාරයක් සදහා රුපියල් විසිදහසක් ද හෙක්ටාර දෙකක් සදහා රුපියල් 40,000 ක මුදලක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.