අභිනව අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේට අක්ත පත්‍රය පිළිගැන්වෙයි
Related Articles
අභිනව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අටමස්ථානාධිපති ධුරය පිළිබඳ අක්ත පත්‍රය කියවීම සිදුකළේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේයි. අනතුරුව ජනාධිපතිතුමා අක්තපත්‍රය අභිනව අටමස්ථානාධිපති හිමියන් වෙත පිරිනැමීම සිදුකළා. ත්‍රෛයිනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ඓහිතිහාසික ජය ශ්‍රී මහා බෝධිය අභියසදි අක්තපත්‍ර ප්‍රදානය පිරිනැමීම සිදුවුණා. විජිනිපත පිරිනැමීම සිදුකළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අටපිරිකර පූජා කිරීම සිදුකළා. අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිකර පූජා කළා.