ඇල්ලේ මීදුම සහිත කදුකරයේ සුවිශේෂී දුම්රිය අත්දැකීම් සමඟින් තරු පන්තියේ දුම්රිය සේවාවක් සංචාරකයන් වෙනුවෙන් ආරම්භ කෙරෙනවා.
ව්‍යාපෘතිය හදුන්වාදීම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.මෙම දුම්රිය සේවාව ලබන මස 14 වනදා ආරම්භ කිරීමට නියමිතයි. සෑම අගහරුවාදා දිනකම පෙරවරු 5.30 ට කොළඹින් පිටත්වන දුම්රිය එදින සවස 04 ට ඇල්ල වෙත ලගාවීමට නියමිතයි. එම දුම්රිය පසුදින උදෑසන 6 ට කොළඹ බලා ගමන් ආරම්භ කරනවා. තරු පන්තියේ ආහාර, තේ පැන් ආදියෙන් ද මගීන්ට සංග්‍රහ කෙරෙනවා. රඹුක්කන පේරාදෙණිය මහනුවර යන දුම්රිය ස්ථානවලදී මෙම දුම්රිය මගීන් වෙනුවෙන් සංස්කෘතික සංදර්ශන පැවැත්වෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල දුම්රිය නතර කර එම ස්ථානවල අසිරිය විදීමට ඉඩ සළසමින් ගමනාගමන කටයුතු සිදු කිරීම විශේෂත්වයක්.