විදුලිය නොකපන්නැයි උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලය වෙත ලිපියක්
Related Articles
පෙබරවාරි මස 17 වනදා තෙක් විදුලි කප්පාදුවක් නොකරන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
විදුලි සම්ප්‍රේෂණය කිරීමට ජනවාරි මස 26 වනදා සිට පෙබරවාරි මස 17 වනදා තෙක් කිසිඳු ආකාරයක විදුලි කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර නොදෙන බවයි එම කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ. ලංකා විදුලි මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිපියක් නිකුත්කරමින් ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ විදුලි සම්ප්‍රේෂණය පිළිබඳව ඇති නෛතික පදනම යටතේ තමන් විදුලි කප්පාදුවට එකඟ නොවන බවයි. අපොස උසස්පෙළ විභාග අපේක්ෂකයන් තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය නව දෙනෙකුගේ මානව අයිතිවාසිකම් සුරැකීමද අරමුණු කරගනිමින් විදුලි කප්පාදුවට අවශ්‍ය අවසරය ලබා නොදෙන බව ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම පවසනවා. විදුලි සම්ප්‍රේෂණයට අදාළ බලපත්‍රයේ 30 (10) කොන්දේසිය අනුව මෙම තීරණයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව එළඹී ඇති අතර එය කඩකරන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය නීතිමය වශයෙන් ඊට බැදෙන බවද ජනක රත්නායක මහතාගේ ලිපියේ සඳහන්.