මැතිවරණ කොමිසමේ චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති භාරගෙන නැහැ
Related Articles
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපිය භාරගෙන නැති බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ.
පසුගිය 25 වනදා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති අතර ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වුවද එම ලිපිය ජනාධිපතිවරයා භාරගෙන නැති බව ද වාර්තා වනවා.