fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර ජෙරුසෙලමේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 09:49

නැගෙනහිර ජෙරුසෙලමේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර ජෙරුසෙලමේ යුදෙව් ආගමික ස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ත්‍රස්තවාදී අරමුණු සහිත පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව ඊශ්‍රායල පොලිසිය පැවසුවා. නැගෙනහිර ජෙරුසෙලෙමේ ජීවත්වන පලස්තීන ජාතිකයෙකුයි ප්‍රහාරය එල්ල කර ඇත්තේ. පසුගිය වසර කිහිපය තුල ජෙරුසෙලමට එල්ලවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙය හැදින්වෙනවා.යුදෙව් සබත් වන්දනා සඳහා ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් රැස්ව සිටි අවස්ථාවේදී ප්‍රහාරය එල්ල කෙරුණා. පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් ප්‍රහාරකයා ද මරණයට පත්ව තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්