පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
Related Articles
9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරුණා. ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව සභාවාරය පෙබරවාරි 8 වනදා පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.
මෙසේ වාර අවසාන කිරීම සැලකෙන්නේ පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් ලෙසටයි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) විධිවිධානයට අනුවයි.
වාර අවසානය වාර දෙකකට නොවැඩි විය යුතු අතර එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මගින් නව සැසිවාරය ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත්කල යුතු වනවා.
එහෙත් උසස් නිලතල පිළිබද කාරක සභාව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.
සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේදීම අක්‍රිය වූ කාරක සභා නැවත සාමාජිකයින් පත් කිරිම සිදුවනවා.
පාර්ලිමේන්තු සැසි වාරය නැවත ආරම්භ වන අවස්ථාවේදී ජනාධිපතිවරයා සම්ප්‍රදායට අනුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවනවා.