fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 09:31

හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන හරක්කටා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු  හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

තිහගොඩ මලපලාව බණ්ඩාරනායක මාවත දෙණිපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 100 ක් ද සොයා ගැනුනා. වැලිගම ප්‍රදේශයේ පදංචි මොහු වයස අවුරුදු 29 ක පුද්ගලයෙක්. මොහු හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයෙක් වනවා. එමෙන්ම මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකු ලෙසයි හැදින්වෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්