fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රදේශ  කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 09:25

කොළඹ ප්‍රදේශ  කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්

75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු පැවැත්වීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ  කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

අද ,හෙට  මෙන්ම ලබන මස 01 වනදා දෙවනදා හා තුන්වනදා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. උදෑසන 05 සිට දහවල් 12 දක්වා මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි පොලීසිය පවසන්නේ.ඇතැම් මාර්ග වසා දැමෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම් දෙනවා.ඒ අනුව ගාලු මුවදොර  මැදපාර,ගාලුමුවදොර වටරවුමේ සිට එන්එස්ඒ වටරවුම දක්වා සහ චෛත්‍ය පාර ප්‍රදේශය කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට සහ කොල්ලුපිටිය දුම්රියපොල පාර වෙත ඇතුළුවීමට සීමා පනවා තිබෙනවා. ඒ ඇතුළු තවත් මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනයට සීමා පනවා ඇති බවයි පොලීසිය නිවේදනය කරන්නේ. එම මාර්ග භාවිත කරන පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් පරිදි ගමන් කිරීම සඳහා අවස්ථාව සළසා දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්