fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර වන විද්‍යා පාරිසරික සම්මන්ත්‍රණය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 19:51

ජාත්‍යන්තර වන විද්‍යා පාරිසරික සම්මන්ත්‍රණය ඇරඹෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව සංවිධාන කළ 27 වන ජාත්‍යන්තර වන විද්‍යා පාරිසරික සම්මන්ත්‍රණය අද ආරම්භ වුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අද සහ හෙට පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය දකුණු ආසියාවේ පැරණිතම සහ කීර්තිමත්ම වන විද්‍යා හා පරිසර සම්මන්ත්‍රණය ලෙසයි හැදින්වෙන්නේ.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණය ආරම්භ වුණා.

පර්යේෂකයන් විද්වතුන් වෘත්තිකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව යන තේමාව යටතේයි මෙවර සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ.

ආර්ථික අභියෝගයන් මධ්‍යයයේ පාරිසරික තිරසාරත්වය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා මෙහිදී අදහස් පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 19:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්