සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වූ ඩල්සි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
Related Articles
මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරිණියක ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ඩල්සි ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
1989 වසරේදී ලක්බිමේ මව්වරුන් සහ දියණියෝ සංවිධානය බිහිකරමින් මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී මෙහෙවරක් ඉටුකළ ඩල්සි ද සිල්වා මහත්මිය ජාතිවාදී බලවේගවලට අභියෝග කරමින් සිවිල් සමාජ එක්ව උතුරට ද නිර්භීතව ගමන් කළා. අතුරුදන්වූවන් පිළිබද සුවිශේෂ හඩක් නැගූ ඇය ජාත්‍යන්තර තලයේද සාමය වෙනුවෙන් කටයුතු කළා. කාන්තා දේශපාලන පීඨය වැනි ආයතන පිහිටුවමින් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන්ද ඇය පෙනී සිටියා. ඩල්සි ද සිල්වා මහත්මිය මහජන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුවූ වයි.පී ද සිල්වා මහතාගේ ආදරණීය බිරිඳයි.