ජපානය රුසියාවට එරෙහි සම්බාධක වැඩි කරයි
Related Articles
ජපානය රුසියාවට එරෙහි සම්බාධක වැඩි කර තිබෙනවා.
නව සම්බාධක පැනවිම පෙබරවාරි 03 වනදා සිට ක්‍රියාත්මක වනවා.රුසියාව වෙත භාණ්ඩ සපයන ආයතන 49 කට එරෙහිව ජපානය සම්බාධක පනවා තිබෙනවා. ජපානයෙන් රුසියාව වෙත අපනයනය කිරීමේදී සම්බාධක පැනවූ ප්‍රධාන භාණ්ඩ වන්නේ එක්ස්රේ උපකරණ , රොබෝ යන්ත්‍ර කොටස් , එන්නත් ආදියයි. යුක්‍රේනයට එරෙහිව එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට පසුගියදා ජර්මනියේදී පැවති සාකච්ඡාවකදී ජපාන ඇතුළු රටවල් කිහිපයක් ඇති කරගත් එකඟතාවෙන් පසුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.