fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාගය මැයි 12 වනදා

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:54

ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාගය මැයි 12 වනදා

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මතු කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

වෙළද අමාත්‍යවරයාව සිටිය දී සතොස සේවකයන් දේශපාලන කටයුතුවල යෙද වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා සදහන් කලේ මෙම චෝදනා පවත්වා ගෙන යා නොහැකි බවට විත්තිය මතු කරන මූලික චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

නඩු විභාගය මැයි 12 වනදා පවත්වන බවත් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කෙරුණා.

විත්තියට අවශ්‍ය ලේඛන නඩු විභාගයට පෙර ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට ද නියෝග කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්