74 වන ඉන්දීය ජනරජ දින සැමරුම කොළඹ 3 ඉන්දීය නිවස්නයේදී සිදු කෙරුණා.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගිනුයි මෙය සංවිධාන කළේ. චාම් හා අභිමානවත් ලෙස නිදහස් දින සැමරුම සිදු කෙරුණා.
මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වුණා.
ආචාර පෙළපාලියක්ද පැවැත්වුණා. උත්සවයෙන් අනතුරුව ඉන්දීය මහකොමසාරිස්වරයා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම සදහා සමරු තිළිණ ප්රදානයක් ද සිදු කළා.