fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියාවට නංවන තිරසර සංවර්ධන ඒකකය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:23

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියාවට නංවන තිරසර සංවර්ධන ඒකකය විවෘත කෙරේ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ක්‍රියාවට නංවන තිරසර සංවර්ධන ඒකකය විවෘත කිරීම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ ප්‍රධාන කාර්යල පරිශ්‍ර යේදී සිදු කෙරුණා.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

බෙදා ගැනිමෙන් පෘථිවිය, ප්‍රජාව සහ සියල්ල රැකබලා ගැනීම යන්න ජාතික තිරසර සංවර්ධන ඒකකයේ ප්‍රදාන අරමුණයි.

සංචාරක කර්මාන්තයේ තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ රටට වැඩි නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සදහා ශ්‍රීලංකාවේ ජාතික තිරසර සංචාරක සහතික කිරීමේ වැඩසටහන 2018 වසරේදී ආරම්භ කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්