fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 10කට පසු යළ කන්නයකදී මෙරට වැඩිම වී අස්වැන්න පසුගිය යළ කන්නයෙන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:13

වසර 10කට පසු යළ කන්නයකදී මෙරට වැඩිම වී අස්වැන්න පසුගිය යළ කන්නයෙන්

වසර 10කට පසු යළ කන්නයකදී මෙරට වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය සහ වැඩිම වී අස්වැන්න පසුගිය යළ කන්නයෙන් වාර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය යළ කන්නයේ දී කුඹුරු හෙක්ටාර පන්ලක්ෂ දොළොස්දහසක වී වගා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. හෙක්ටාරයකින් වී කිලෝ ග්‍රෑම් 3207ක අස්වැන්නක් ලැබී ඇති බවයි වී වගාව පිළිබද ප්‍රගති සාමාලෝචන රැස්වීමකදී ප්‍රකාශ වුනේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණා. එහිදී තවදුරටත් ප්‍රකාශ වුයේ යළ කන්නයේ වී වගාවේ සාර්ථකත්වයට යූරියා පොහොර ලබා දීම ද හේතුවු බවයි.

පසුගිය යළ කන්නයේ දී යූරියා මෙට්‍රික් ටොන් 65,500ක් ගොවීන් අතර බෙදා ඇති බව ද මෙහිදි ප්‍රකාශ වුණා.

මේ අතර ගොවීන් සතුව කන්න 3ක වී තොග පවතින බැවින් අතිරේක බෝග වගා සදහා ඔවුන් යොමු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2023 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්