දහම් පාසල් සඳහා ජංගම දුරකතන යෙදවුමක්
Related Articles
දහම් පාසල් සඳහා ජංගම දුරකතන යෙදවුමක් හදුන්වා දුන්නා.
කොළඹ තරුණ බෞද්ධ සංගමය මගිනුයි මෙය හදුන්වා දී ඇත්තේ. මෙරට දහම්පාසල් කළමනාකරණය සඳහා මෙම යෙදවුම බෙහෙවින් උපකාරී වනවා. පළමු අදියරේදී කොළඹ ශාසනාරක්ෂක බලමණ්ඩලය තුල ඇති දහම්පාසල් 63ක් සඳහා ජංගම දුරකතන යෙදවුම ලබා දෙන බවයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පවසන්නේ. ඉදිරියේදී සියලුම දහම්පාසල් සදහා එය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. දහම්පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 7කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. ජංගම දුරකතන යෙදවුම හදුන්වා දීමේ අවස්ථාව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වුණා.