නිවසක් ගිනි ගැනීමෙන් එකම පවුලේ 3 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමකින් මව, දියණිය සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්නෙන් බරපතල තුවාල ලැබූ පියා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගින්නෙන් මියගොස් ඇති මව 30 හැවිරිදි වියේ පසුවනවා.
මිය ගිය දියණිය දස හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා පස් හැවිරිදි දරුවෙකු බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව කුමක්ද යන්න පිළිබද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.