fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 18:06

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් බිලියන 3 ක වාර්තාගත ලාභයක් හිමි කර ගෙන තිබෙනවා.

2022 වර්ෂයට අදාළව මෙම වාර්තාගත ලාභය ඉපැයූ බවයි එහි සභාපති සහ  ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න  නාරගල මහතා පවසන්නේ. මේ වන විට සංවර්ධන ලොතරුයි මණ්ඩලය සිය අභිමානවත් 40 වන සංවත්සරයට පා තබා තිබෙනවා.

වසර 40 ක ඉතිහාසය තුළ මුහුණ දුන් සියලු අභියෝග ජයගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම සුවිශේෂී ලාභය අත්කරගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති අරමුදලේ මහජන සේවාවන් සදහා සහ මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සදහා අරමුදල් සම්පාදනය කරනවා.

2023 වසරේ විජයග්‍රාහී 40 වන සංවත්සරය සමරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආයතනික ලාංඡනය සමග ආකර්ෂනීය නව ව්‍යාපාරික ලාංඡනයක් හදුන්වාදීමට ද පියවර ගෙන තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙවැනි ඓතිහාසික ජයග්‍රහණයක් ලගා කර ගැනීම සදහා එහි සභාපතිවරයා ඇතුළු කළමණාකාරීත්වය සුවිශේෂී මග පෙන්වීමක් ලබාදී තිබුණා.

අද සංවර්ධන ලොතරැයි මණ්ඩල මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කෙරුණා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පල කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්