fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කබ්රාල්ටත් ලලිත් වීරතුංගටත් නොතීසි

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 15:02

කබ්රාල්ටත් ලලිත් වීරතුංගටත් නොතීසි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන දෙදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොතීසි නිකුත් කෙරුණා. ඒ ලබන පෙබරවාරි 17 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක රජයේ මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවෙන් ඊයේ ඔහු මුදා හැරුණා.  ඒ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා එය ඉල්ලා අස්කරගන්නා බවට පැමිණිලිකාර පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් කළ දැනුම්දීමකට අනුවයි.

මෙම සිද්ධියට අදාළව තවත් කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි එහිදී ප්‍රකාශ වුණේ. ඒ අනුව  අද දිනයේදී පාලිත හිමියන් සංශෝධිතක පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එහි අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව ලලිත් වීරතුංග මහතාට ද චෝදනා එල්ලකර තිබෙනවා. ඒ අනුවයි ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්