fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිඳු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 12:46

නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිඳු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක්

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා.

හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අදහසින් පිරිසිදු හරිත නගර වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණසේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ  යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධවයි මෙය සංවිධාන කර ඇත්තේ.

දිවයිනේ පළමුවරට සෑම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් එක් නගරයක් පිරිසිදු කිරීම වැඩසටහනේ මූලික අදියරේදී සිදුවනවා.

ඒ අනුව පෙබරවාරි 3 වනදා සිට 10 වනදා දක්වා ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 335ම ආවරණය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමටයි සැලසුම් කර තිබෙන්නේ. තරුණ තරුණියන් පනස් දහසකගේ ශ්‍රමදායකත්වය මේ සදහා ලබා ගැනෙනවා.

ප්‍රාදේශීය සභා, නගර සභා මෙන්ම ඊට අනුබද්ධ ආයතනවල දායකත්වය ද මේ සදහා ලබා ගැනීමට නියමිතයි.

එමෙන්ම ප්‍රා දේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය සේවා කාර්යාල, පොලිසිය හා ස්වෙච්ඡා සංවිධානවල දායකත්වය ලබා ගැනීම ද මෙහිදී සිදුවනවා.

අදාළ නගර මාස්පතා පිරිසිදු කළ යුතු වනවා.

අදාළ කොට්ඨාසවල සිටින වෙනත් තරුණ සංවිධාන විශ්වවිද්‍යාල සිසුන්, පුහුණු මධ්‍යස්ථානවල සිසුන්, බාලදක්ෂයින්,ශිෂ්‍යභට කණ්ඩායම් පාසල් පරිසර ක්‍රියාකාරීන් ආදී සියලු දෙනාගේ දායකත්වය ද වක්‍රාකාරයෙන් ව්‍යාපෘතිය සදහා ලබාගැනීම විශේෂත්වයක්.

එමෙන්ම හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහන සදහා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වය ද හිමිවනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්