fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාවකින් නාලක ගොඩහේවා නිදහස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 12:19

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාවකින් නාලක ගොඩහේවා නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු රජයේ මුදල් සාපරාදී පරිහරණය කිරීමේ චෝදනාවකින් නිදොස්කොට නිදහස් කෙරුණා.

ඒ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිව සිටියදී තාරුණ්‍යට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50 ක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව ඔහු පැවසුවා.

නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහීම් යන අයයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්