fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ට ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් නැවත පරිශීලනය කිරීමට අවස්ථාව

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 11:22

ට්‍රම්ප්ට ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් නැවත පරිශීලනය කිරීමට අවස්ථාව

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ෆේස්බුක් හා ඉන්සටර්ග්‍රෑම් සමාජ ජාලා යෙදවුම් නැවත පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදීමට මෙටා සමාගම තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී උද්ගත වූ තත්ත්වයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ ජාලා ගිණුම් රැසක් තාවකාලිකව අක්‍රිය කිරීමට අදාළ සමාගම කටයුතු කළා.

ඒ යටතේ මෙටා සමාගම හිටපු ජනාධිපතිවරයාට පැනවූ වසර 2 ක තාවකාලික තහනම ලබන සතියේදී අවසන්වීමත් සමග ඔහුට නැවතත් ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලා ගිණුම් පරිශීලනය කිරීමට අවස්ථාව හිමි වනවා.

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට පහරදීමට තම පාක්ෂිකයන් මෙහෙයවූ බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වූයේ. එම තත්ත්වයන් යටතේ ඔහුගේ සමාජ ජාලා ගිණුම් තාවකාලිකව අක්‍රිය කිරීමට තමන්ට සිදු වූ බව මෙටා සමාගම නිවේදනය කරනවා.

කෙසේ වුවද ඔහුගේ සමාජ ජාලා ගිණුම් අක්‍රිය කිරීමත් සමග තෘත් නමින් නව සමාජජාලා යෙදවුමක් හදුන්වාදීමට ද හිටපු ජනාධිපතිවරයා පියවර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්