සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වසර 4කට පසු අත්අඩංගුවට
Related Articles
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු මන්ත්‍රි රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වසර 4කට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්මලාන ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ පදිංචි හෙට්ටිගොඩ ලියනගේ මලිදු ලක්මාල් නොහොත් කොටියා නමැත්තා මෙසේ අත්අඩංගුවට ගත් බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සදහන් කරන්නේ.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සාමින්ද සිල්වා නොහොත් කුඩු අංජුගේ සමීප ඥාතියෙකු හා ප්‍රධාන ගෝලයා ලෙසයි කොටියා නමැත්තා සැලකෙන්නේ.
එමෙන්ම සැකකරු ධර්මසිරි හෙවත් පැටියා යන අයගේ සමීපතම ගෝලයෙකු ලෙස කටයුතු කළ බවද පොලිසිය පවසනවා. එමෙන්ම පැටියා නමැත්තා මෙම සැකකරුට ලබාදුන් ජීව අත්බෝම්බය රත්මලාන ගොනාකෝවිල සුසාන භූමියේ සගවා තිබියදී පොලිසිය සොයා ගත්තා.