යතුරුපැදියක් හා බස් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට
Related Articles
පිළියන්දල කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් හා බස් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.
පිළියන්දල දෙස සිට කොළඹ දෙසට සිය යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී එහි ඉදිරිපස රෝදයේ තිරිංග කැඩීයාමත් සමග යතුරුපැදිය පෙරළී ගොස් තිබෙනවා. ඒත් සමගම පිටුපසින් පැමිණි බස් රථයකට යතුරුපැදිකරු යටවුණා.
බරපතල තුවාල ලැබූ ඔහු කොතලාවල ආරක්ෂක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.