fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 09:16

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ  නිකුත්  කෙරුණා.

මෙවර ප්‍රතිඵල සකස් කිරීමේ දී සමස්ත දිවයිනේ සහ දිස්ත්‍රික් මට්ටමෙන් වැඩිම ලකුණු ලබාගත් සිසුන් පිළිබද තොරතුරු නිකුත් නොකිරීම විශේෂත්වයක්.

2022 දෙසැම්බර් 18 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 329,668 දෙනෙකු ඉදිරිපත්වුණා.

ඉන් 48,257 දෙනෙකු අපේක්ෂිත කඩඉම් ලකුණු සංඛ්‍යාව හෝ එම මට්ටම ඉක්මවා ලකුණු ලබාගෙන තිබෙනවා.

සිසුන් 157,624 දෙනෙකු ලකුණු 100 ඉක්මවා තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව වැඩිම කඩයිම් ලකුණු සංඛ්‍යාව වන්නේ 153 ක්.

ඒ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක සදහායි.

හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක සදහා කඩඉම් ලකුණු සංඛ්‍යාව 150 ක් අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, මොණරාගල අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්ක සදහා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංඛ්‍යාව 148 ක් වනවා.

නුවරඑලිය සහ ත්‍රිකුණාමලය දීස්ත්‍රික් සදහා කඩයිම් ලකුණු සංඛ්‍යාව 147 ක්. මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික් සදහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩම් ලකුණු සංඛ්‍යාව 145 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර ප්‍රදානය සිදුකෙරෙනවා.

ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000 ක්. ඉන් ශිෂ්‍යත්ව 250 ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සදහා වෙන්කර තිබෙනවා.

විශ්ෂ අවශ්‍යතා කාණ්ඩය යටතේ ශිෂ්‍යත්ව හිමිකම් ලබන අපේක්ෂිකයින්ගේ මුලු ලකුණු සමග ශිෂ්‍යත්ව හිමිකම් ලැබූ බවට විශේෂ සටහනක් ඇතුළත් කර තිබෙනවා.

https://www.doenets.lk/වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකියි.

සියලුම පාසල්වලට ප්‍රතිඵල ලේඛන තැපැල්කර එවන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සදහා අභියාචනා භාරගැනීම පෙබරවාරි 28 වනදා තෙක් සිදුකෙරෙනවා.

මේ අතර දෑස් නොපෙනෙන සිසුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් බ්‍රේල් ක්‍රමයට පිළිතුරු සපයා ලකුණු 168 ක් ලබාගෙන තිබෙනවා. ඒ කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ චානුක දේවින්ද කුමාර ශිෂ්‍යයායි.

ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයට ලක්වූ බවට වාර්තා පලවූ මහව අධ්‍යාපන කලාපයේ නිතලව කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ගෙන් පස් දෙනෙකු විභාගය සමත්ව තිබෙනවා.

මෙම සිසුන් ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ශාලා දෙකකදී විභාගයට මුහුණ දුන්නා.

එහිදී එක් ශාලාවක දරුවන් 16 දෙනෙකුගෙන් ඇතැම් සිසුන්ගේ පිළිතුරු පත්‍ර මාරුකල බවට නිරීක්ෂකවරියට චෝදනා එල්ලවුණා. එම දරුවන්ට ආසාධාරණයක් නොවන ලෙස ක්‍රියාකරන බවට බලධාරීන් පොරොන්දු වුවද ලැබුණු ප්‍රතිඵල ගැන සතුටුවිය නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2023 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්