ගම්පොල ATM යන්ත්‍රය කොල්ල කෑ සිද්ධියට සැක සහිත වෑන් රථයක් පොලිස් භාරයට
Related Articles
ගම්පොල නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් කොල්ල කෑමේ සිද්ධියට අදාලව සැක සහිත වෑන් රථයක් පේරාදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
එසේම එම රථයේ රියදුරාද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු මෙම කොල්ල කෑමට සම්බන්ධ අයෙක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
ගම්පොල පෞද්ගලික බැංකුවකින් අද අලුයම වෙස්මුහුණු පැළඳගත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් යම් මුදල් ප්‍රමාණයක් සහිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.
අද අලුයම 12.40 ට පමණ මෙම පිරිස ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ගලවා සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්‍ෂක නිලධාරියා බැඳ දමා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සොරකම් කර ඇති බවටයි පැවසෙන්නේ.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගම්පොළ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.