fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික ශීතලෙන් ඇෆ්ගනිස්ථානයේ 157 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 16:02

අධික ශීතලෙන් ඇෆ්ගනිස්ථානයේ 157 දෙනෙකු මියයයි

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 157 දෙනෙකු මියගොස් ඇති බව තලෙයිබාන් බලධාරීන් පවසනවා.

ජනවාරි මාසයේ මුල සති කිහිපයේ සිටම මේ දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 28ක් වනවා.

පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් ගොවිපොළවල සතුන් 70000 ක් පමණද මියගොස් ඇති බවයි එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසන්නේ.

මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය වනවා.

ආපදාවට ලක්වූවන් මුදවා ගැනීමට කඳුකර ප්‍රදේශවලට හමුදා හෙලිකොප්ටර් යානා යවා ඇතත් අධික හිමපතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇෆ්ගනිස්ථානයට ලැබෙන මානුෂීය ආධාර අවම මට්ටමක පවතින බව ද තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්