fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවෙන් සහ ජර්මනියෙන් යුක්රේනයට යුද ටැංකි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 15:27

ඇමෙරිකාවෙන් සහ ජර්මනියෙන් යුක්රේනයට යුද ටැංකි

ඇමෙරිකාව සහ ජර්මනිය යුක්රේනයට යුද ටැංකි ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යුද ටැංකි 44 ක් ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය විසින් එම් වන් ඒබ්‍රහම් වර්ගයේ යුද ටැංකි 30 ක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ජර්මන් චාන්සලර් ඕලාෆ් ස්කොලර්ස් ලෙපර්ඩ් ටූ වර්ගයේ යුද ටැංකි 14 ක් ලබාදෙන බව එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අධි තාක්ෂණික උපකරණවලින් සමන්විත යුද ටැංකි යුක්රේනයට ලබාදීම පිළිබදව රුසියාව හෙළා දැක තිබෙනවා.

මෙම තීරණය තුලින් කිසිදු දෙයක් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවයි එක්සත් ජනපදයේ රුසියනු තානාපතිවරයා සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්